අද දින මගේ පියාගේ Whats app අංකය සොරාගත් සයිබර් හොරෙකු විසින් ඔහුගේ අංක ලැයිස්තුවේ තිබූ සෑම අංකයකටම මුදල් ඉල්ලා පණිවිඩයක් යොමු කර තිබුනි. සයිබර් හොරාගේ විස්තර මා සොයාගත් මෙසේජ පහත අමුනා ඇත.
මේ පිලිබඳව දැනගත් මොහොතේම හැටන් නැශනල් බැංකුව දැනුවත් කරත්, ඔවුන් පවසා සිටියේ ඔවුන්ට ඒ සඳහා පොලීසියෙන් හෝ නඩු තීන්දුවක් ලැබෙන තුරු කිසිවක් කල නොහැකි බවයි. හැකි සියලු දෙනා දැනවත් කලත් එක අයෙකු (අප දන්නා පරිදි) මුදල් බැර කර තිබුනි. ඉන් පසුවද නැවත බැංකුව දැනුවත් කලත් ඔවුන් පවසන්නේ කිසිවක් කල නොහැකි බවයි. අඩුම තරමේ අදාල ගිණුම් අංකය සටහන් කර ගැනීමටවත් අදාල නිලධාරිනියන් උත්සුක නොවූයේ මන්ද යන්න සිතාගත නොහැකිය. එසේ කොට අඩුම තරමේ එම ගිණුම පිලිබඳ අවධානයෙන් සිටියා නම් අසරණයෙකුගේ මුදල් හොරෙකුට යාම වලක්වා ගන්නට හැකියාව තිබුණි. එබැවින් බැංකුවට අවශ්‍ය නම් සටහන් කර ගැනීමට තොරතුරු මෙහි අමුණමි.
සයිබර් ක්‍රයිම් හදිසි (101) අංකය රාජකාරී වේලාවල පමණක් හදිසියක් වූවොත් යොදාගත් හැකි බවත් දැන ගැනීම සඳහා සටහන් කර තබමි.
ලෝකය සයිබරය හා සටන් වදින කාලයක හොරාට පැනයාමට දොර ඇරදී, කැමතිනම් නැවතත් පැමිණ යන ලෙස ආරාධනා කරන, වින්දිතයා සොරා සොයාගෙන ආවත්, සොරාගේ පසම සිටගන්නා හැටන් නැශනල් බැංකුව දියුණුවෙන් දියුණුවට පත්වේවායැයි ආසිරි පතමි. කුඩා සයිබර් සොරාකෑම් සැකයකදී වුව පාරිභෝගිකයාගේ ගිණුම ආරක්ශා කිරීමට ක්ශණිකව ක්‍රියා කරන, සැක සහිත ගණුදෙනුවක් වූ වහා එය පාරිභෝගිකයා අමතා තහවුරු කර ගන්නා සෙලාන් බැංකුව, ලංකා බැංකුව, සම්පත් බැංකුව ආදී බැංකුවලින් ලද අත්දැකීම් සිහි කරමි.
#hattonnationalbank #banksecurity #banks #srilankanbanks


